Sunday, August 10, 2014

0 Monsterfishlk වෙත සාදරයෙන් පිළිගනිමු...!

 Monsterfishlk වෙත සාදරයෙන් පිළිගනිමු

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින විලෝපික සුරතල් මසුන් ඇතිකරන්නන් සඳහා මා සතු අල්ප දැනුම බෙදාදීමේ ආශාව සඳහා වූ ව්‍යායාමයයි මේ. 

දැනට අවුරුදු ගණනාවක සිට විනෝදාංශයක් ලෙස සුරතල් මසුන් ඇතිකරන්නෙක් ලෙස ලබාගත් අත්දැකීම් හා වසර කිහිපයක සිට විලෝපික සුරතල් මසුන් එසේ නැත්නම් මාංශ භක්ෂක එසේත් නැතිනම් විලෝපික සුරතල් මසුන් ඇතිකරන්නෙක් ලෙසත් මා ලබාගත් අත්දැකීම් හා දැනුම ශ්‍රී ලාංකික සියලුදෙනා අතරේ බෙදා හදා ගැනීමේ ආශාව මුදුන්පත් කර ගැනීමේ මූලික අවස්ථාව තමා මේ.

 ශ්‍රී ලංකාව තුළ විලෝපික සුරතල් මසුන් ඇතිකරන්නන් අතර ජනප්‍රිය සෑම මත්ස්‍ය වර්ගයක් සම්බන්ධවම මින් ඉදිරියට ලිපි පළ කිරීමට බලාපොරොත්තු වන අතර මා පළ කළ යම් කරුණක් වැරදි නම් ඒ පිළිබඳව සමාව හා දැනුවත් කිරීමද ලිපි කියවන සෑම දෙනාගෙන්ම  මා බලාපොරොත්තු වෙනවා.

 මූලිකව ලංකාව තුළ විලෝපික සුරතල් මසුන් ලෙස ඉතාම ජනප්‍රිය මත්ස්‍යය වර්ගය වන්නේ ඇරවානා මසුන්.

දකුණු ඇමරිකානු හා ආසියානු වශයෙන් උප විශේෂ ගණනාවක් යටතේ මෙම මසුන් වර්ගකර තිබෙනවා.

මී ලඟට පිරන්හා(පිරානා) මසුන්, ඇලිගේටර් ගා මසුන්,ස්පොටඩ් ගා මසුන්, ඔස්කා මසුන්, මන්නයා(Klown knife fish) මසුන් විශේෂයි.

ඉහත සඳහන් මසුන් වර්ග පිළිබඳව, ආහාර වර්ග පිළිබඳව, ඔවුන් සඳහා මත්ස්‍ය ටැංකි සැකසීම පිළිබඳව විස්තර සහිතව ඉදිරි ලිපිවලින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන අතර ඔබ සියලු දෙනාගේම අදහස් හා යෝජනා මාගේ ඊ මේල් ලිපිනය වෙත හෝ බ්ලොග් සටහන වෙත එවීමට කාරුණික වන්න.

මා විසින් ඉදිරියේදී පහත දක්වා ඇති මසුන් පිළිබඳව ලිපි පළ කිරීමට බලාපොරොත්තු වෙනවා.
 
Arowana

 

 
Alligator Gar


 
 
Spotted Gar


 
Piranha


 
Oskar


Klown Knife fish


 
Ghost Fish


 
 

MonsterFishLk Copyright © 2012 - |- Template created by Kasun Hiranya - |- Powered by Kasun Hiranya's Templates